FAST NEWS

24×7 Around the Globe

සමලිංගික සේවනය නීතිගත කිරීම සම්බන්දයෙන් ඇමති සුජීවගෙන් අපූරු පැනයක්…

 

සතුන් හා ලිංගිකව එක්වීම සදහා කිසිවෙකු කැමතියි නම් රජය ඊට ඉඩදීමට සූදානම් දැයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කැබිනට් රැස්වීමේදී විමසා තිබේ.

ඔහු මෙසේ විමසා ඇත්තේ GSP+ සහනය ලබා ගැනීම සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී සැලැස්ම නියෝජ්‍ය විදේශ ඇමති අමාත්‍ය හර්ෂ ද සිල්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අවස්ථාවේදීය.

සමලිංගික සේවනය නීතිගත කිරීම සම්බන්දයෙන් එහි වූ යෝජනා සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදී සේනසිංහ රාජ්‍ය ඇමතිවරයා මේ පැනය විමසා තිබේ.

අදාල යෝජනාව ඉදිරිපත් කල පසු ඒ ආදී විහිළු තහලූ වලින් කැබිනට් මණ්ඩලය පිරී ගොස් ඇති අතර අවසානයේ ජනාධිපතිවරයා විසින් එකී යෝජනාව අත්හිටුවා තිබේ.