FAST NEWS

24×7 Around the Globe

ශෂිදරන් මාරාන්තික උපවාසයකට – හේතුව මෙන්න…

 

යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාරවූ  අතුරුදහන් වූවන් සොයා දීම සම්බන්ධයෙන් රජය සැලකිල්ලක් නොදක්වන නිසා අතුරුදහන් වූවන් සොයා දෙන්නැයි බලකරමින් ලබන ඉරිදා (22) මාරාන්තික උපවාසයක් අරඹන බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් මහත්මිය පැවැසීය.

අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාරවී අතුරුදහන්ව සිටින  තම සැමියා වන ඇතුළු දහස් සංඛ්‍යාත අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජය කිසිදු සැලකිල්ලක් නොදක්වීම තම මාරාන්තික උපවාසයට හේතු වූ බවද ඇය කියා සිටින්නීය.

එල්.ටි.ටි.ඊ. සංවිධානයේ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් දේශපාලන අංශ බාර නායකයාව සිටි සිය සැමියා වන සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන් ද අවසන් යුද සමයේදී 58 වන සේනාංකය හරහා ආරක්ෂක හමුදාව වෙත බාර වූ බවත් ඔහු අදට පවා අතුරුදහන්ව සිටින බවත් විශේෂයෙන් ඔහු පිළිබද දැනගැනීමේ අරමුණින් තමා මෙම තීරණය ගත් බවත් ඇය කියා සිටින්නීය.