FAST NEWS

24×7 Around the Globe

ප්‍රථම වරට IS කැරලිකරුවන් ප්‍රාණ ඇපකරුවන් විශාල පිරිසක් නිදහස් කරයි…

 

බටහිර ඉරාකයේ සිය පාලනය පවතින ප්‍රදේශයක ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවා ගෙන සිටි තුන්සියයකට අධික පිරිසක් IS ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් විසින් නිදහස් කර තිබේ.

නිදහස ලැබූ පුද්ගලයන් අතර පළාතේ නගරාධිපතිවරුන්, රජයේ බලධාරීන් සහ හමුදා නිලධාරීන් ද සිටින බව ඉරාක හමුදාව පැවැසීය.

සිය වෘත්තීය පිළිබඳ පසුතැවිලි වන බව ප්‍රකාශ කිරීමෙන් සහ යළිත් වරක් පැරණි රැකියාවල නිරත නොවන බවට සටන්කරුවන්ට ප්‍රතිඥාවක් දීමෙන් අනතුරුව ඔවුන් නිදහස් කර ඇති බවද විශ්වාස කෙරේ.

IS සටන්කරුවන් ඉරාකයේ සිය ග්‍රහණයේ සිටි මෙතරම් විශාල පිරිසක් මේ ආකාරයට නිදහස් කරනු ලැබූ ප්‍රථම වතාව මෙය බවත් විශ්වාස කෙරේ.