FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රීකට් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය තිදෙනෙකුට බෙදා දෙයි..!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳව ආන්දෝලනාත්මක කට කතා පැතිර ගිය අතර මේ එ අනුව ඔහුට නායකත්වය අහිමීවිමට ඉඩ ඇති බවට තොරතුරු සංසරණය විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශාල වෙනස්කම් රාශියක් සිදුවීමට නියමිත ඇති බවට ශ්‍රී ලංකා ක්‍රීකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟ නායකත්වය සඳහා රංගන හේරත් නම් කිරීමට නියමිතව බවත් එක්දින තරඟ නායකත්වය උපුල් තරංගට වෙත ලබාදීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියේය.

එසේම උපනායක දිනේෂ් චන්දිමාල් හට විස්සයි විස්ස තරඟ කාණ්ඩයේ නායකත්වය ලබාදීමට නියමිතව බවද පැවසේ.

දකුණු අප්‍රිකා ටේස්ට් තරගාවලිය  ශ්‍රී ලංකා පරාජයට පත් වීම හේතුවෙන් ක්‍රිකට් කණ්ඩායම නව මුහුණුවරකින් ප්‍රවීණ නායකත්වයන් යටතේ තරඟබිමට පිවිසීම අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙහි අරමුණ වී ඇති බවද වැඩි දුරටත් එම ආරංචි මාර්ග පවසයි.