බහරේන් ජාතික ගුවන් සේවය වන, ගල්ෆ් එයාර්, 2017 ජනවාරි 19 දින සිට සතියකට ගමන් වාර 5 ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පියාසර කිරීම ආරම්භ කිරීම සඳහා අද (18) දින නිල වශයෙන් දින 14 දින ගණන් කිරීම ආරම්භ කළේය.
එ අනුව ගල්ෆ් එයාර් සමාගම කොළඹ දක්වා සතියකට වාර 5 ක් පියාසර කරනු ඇති අතර එයාර්බස් A320 ගුවන් යානාවක් ඒ අනුව ක්‍රියාත්මක වනු ඇත,
ගල්ෆ් එයාර් ගුවන් යානාවල ආසන මාර්ගගතව වෙන් කර ගැනීම සඳහා ගුවන් සේවාවේ සියලු සේවාවන් ලබා ගත හැකි gulfair.com වෙත පිවිසිය හැකි අතර, එමගින් පාරිභෝගිකයන්ට, හෝටල් වෙන් කර ගැනීම, මෝටර් රථ කුළියට ගැනීම, සංචාරක රක්ෂණ, සහ ගල්ෆ් එයාර් සංචාර ආදී සේවාවන් රැසක් ලබා ගත හැකිය.
ගල්ෆ් එයාර් සංචාර මගින් මගීන්ට ස්ථාන නැරඹීම, කෞතුකාගාර ප්‍රවේශපත්‍ර, සංචාර, විනෝද ගමන්, දේශීය ක්‍රියාකරකම් සහ ගමනාන්තයේදී ගුවන්තොටුපලේ සිට ප්‍රවාහනය ආදී ගුවන් ගමන් හා සම්බන්ධ ක්‍රියාකාරකම් බොහෝමයක් ඉටු කර ගත හැකිය.
ගාස්තු /ටිකට්පත් වෙන් කර ගැනීමේ විමසීම් ගුවන් සමාගමේ ලොව පුරා පැය 24 ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන (0973) 17373737, හෝ ඕනෑම ගල්ෆ් එයාර් විකුණුම් කාර්යාල සහ අනුමත සංචාරක නියෝජිතායතන වෙතද යොමු කළ හැකිය.