FAST NEWS

24×7 Around the Globe

MH 370 යානයේ සෙවුම් අත්හිටුවීමට තීරණය කිරීමට විරෝධය..

වසර 3කට පමණ පෙර ඉන්දියානු සාගර කලාපයේදී අතුරුදන් වූ MH 370 යානයේ සෙවුම් අත්හිටුවීමට තීරණය කිරීම වගකීමෙන් තොර තීරණයක් බව එම යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීහු චෝදනා කර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

චීනයේ බීජිං නුවර සිට මැලේසියාවේ ක්වාලලම්පූර් දක්වා ගමන් කරමින් තිබියදී 2014 මාර්තු 08 වැනිදා යානය අතුරුදන් වන විට එහි පුද්ගලයන් 239 දෙනෙකු ගමන් කරමින් සිටියහ.

කෙසේ වෙතත්, යානය සොයා ලෝක ඉතිහාසයේ එදා මෙදාතුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළත් කිසිදු හෝඩුවාවක් හමු නොවූ අතර, සමස්තයක් ලෙස වර්ග කිලෝ මීටර් 120,000 ක පමණ සාගර කොටසක් ආවරණය කර තිබුණි.

මේ කාලය තුළ යානයේ සුන්බුන් බවට විශ්වාස කෙරෙන කොටස් කිහිපයක් මැඩගස්කර් ආශ්‍රිතව හමුවූ අතර, ඒවා බොහෝවිට බෝයිං 777 වර්ගයේ යානය කොටස් බව පසුව තහවුරු කෙරිණි.