විජිත රෝහණ විජේමුණි නම් ජ්‍යෙතිශවේදියෙකු මීට මාස කිහිපයකට ඉහතදී පලකළ අනාවැකියක් දැඩි ආන්දෝලනයට ලක්වූ අතර ඔහු එහිදී ප්‍රකාශ කළ අනාවැකිය වූයේ 2017 ජනවාරි මාසයේ එනම් මේ මාසයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මිය යන බවකි.
කෙසේ වෙතත් ඊයේ (17) තම ෆේස්බුක් ගිණුමේ සටහනක් පලකරමින් මෙම ජ්‍යෙතිශවේදියා පවසා තිබුණේ මේ මස 26 වැනිදා සිදුවනවායි කියන සෙනුසුරු මාරුව නිසා ජනාධිපතිතුමාගේ මාරකය වැලකී ඇති බවය.
එමෙන්ම එළැඹෙන අප්‍රේල් මස 6 වනදා සිදුවන සෙනසුරු වක්‍ර වීමෙන් පසු, අප්‍රේල් 6වනදාත් ඔක්තොම්බර් 26ත් අතර කාල පරිච්ඡේදයේදී මාරකය සිදුවන බවත්
මෙයින් දිවි ගලවා ගැනීමට නම් ජනාධිපතිවරයා වහා ගව ඝාතනය නතර කළ යුතු බවද ඔහු එම සටහනෙන් දක්වා තිබුණි . (මෙම සටහන මේ වන විට ඔහුගේ ගිණුමෙන් ඉවත් කරගෙන තිබේ).
කෙසේ නමුත් මොහුගේ මෙම ප්‍රකාශය මේ වන විට ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ කතාබහට ලක්වෙමින් පවතින් අතර එහිදී බොහො දෙනා විමසා තිබුණේ ජනාධිපතිතුමාගේ මාරකය දුටු ජ්‍යෙතිශවරයාට ජ්‍යෙතිශවේදියෙකු ලෙස ජනවාරි 26 වැනිදා සිදුවනවායි කියන සෙනුසුරු මාරුව නොපෙනුනේ මන්ද යන්නයි.









