FAST NEWS

24×7 Around the Globe

පුස් නිසා සීගිරියටත් බලපෑම්…

 

ඓතිහාසික සීගිරිය කැටපත් පවුරට පුස් විශේෂයක් ව්‍යාප්තවී බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.

කැටපත් පවුරේ ස්ථාන කිහිපයක පැතිරී ඇති මෙම පුස් වර්ගය නිසා ඒ මත ලියා ඇති කුරුටු ගී නොපෙනී ගොස් ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඒ අනුව විද්‍යාත්මක ක්‍රම අනුව එම පුස් ඉවත් කිරීම අද(18) ආරම්භ කරන්නට නියමිතය.

කැලණිය විශ්වවිද්‍යාලයේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයද මෙම වැඩපිළිවෙළට හිමිව තිබේ.