FAST NEWS

24×7 Around the Globe

සජිත් පේ‍්‍රමදාස ඇමතිකමෙන් ඉල්ලා අස්වේ…?

 

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා තමන් දරනු ලබන නිවාස ඉදිකිරීම්, ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව පෙරේදා(16) පැවති කැබිනට් රැස්වීමේදී පවසා සිටි බව අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කර තිබේ.

ඇමතිවරයාගේ අමාත්‍යංශයට අයවැයෙන් වෙන් කර තිබූ රුපියල් බිලියන හයක මුදලක් ඉවත් කර පලනී දිගම්බරම් සහ ස්වාමිනාදන් යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශවලට ලබාදීමට විරෝධය පල කරමින් මෙම තීරණය ඇමතිවරයා විසින් ගන්නා බව දන්වා ඇති බවද වාර්තා වේ.

ඇමති පේ‍්‍රමදාස තව දුරටත් සදහන් කර ඇත්තේ මෙම ගැටළුව විසදීමට ඇති එකම ක‍්‍රමය වන්නේ රුපියල් මිලියන 6000ක මුදල් ප්‍රතිපාදන ආපසු තම අමාත්‍යංශයට ලබාදීමට නියෝග කිරීමෙන් පමණක් නිසා එසේ සිදු කරන ලෙසද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා එසේ නොකරන්නේ නම් මීළඟ කැබිනට් හමුවට පෙර තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවද ඇමතිවරයා වැඩි දුරටත් පවසා ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.