FAST NEWS

24×7 Around the Globe

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ කාලසටහනේ සංශෝධනයක්.

ඉන්දීයාව සහ ශී‍්‍ර ලංකාව අතර ලබන මස ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ කාලසටහන සංශෝධනය වනු ඇතැයි වාර්තා වුණා. ඊට හේතුවී තිබෙන්නේ මෙම තරගාවලිය පැවැත්වෙන කාලයේදීම මහ මැතිවරණය සදහාද දින යෙදී තිබීමයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු පාලක කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතාද මේ බව තහවුරු කළා. තරග 3 කින් යුත් මෙම ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ 3 වන තරගය සදහා දැනට නම් කර තිබෙන කී‍්‍රඩාංගණය වෙනස් කිරීමටද අවධානය යොමුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

දැනට ප‍්‍රකාශිත කාලසටහන අනුව දෙපිළ අතර පළමු තරගය ලබන මස 12 වනදා සිට 16 වනදා දක්වා ගාල්ලේදී පැවැත්වීමට නියමිතයි. 2 වන තරගය 20 වනදා සිට 24 වනදා දක්වා කොළඹ පී සරා ඕවල් කී‍්‍රඩාංගණයේද, 3 වන තරගය ලබන මස 28 වනදා සිට සැප්තැම්බර් මස පළමු වනදා දක්වා පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේද පැවැත්වීමට දින නියම කර තිබෙනවා.