FAST NEWS

24×7 Around the Globe

අබාධයට ලක්ව සිටින ඩිවිලියර්ස් ශ්‍රී ලංකාවට එරෙහිව නැගි සිටියි..!

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි20 තරගයේ පටන් දකුණු අප්‍රිකානු සීමිත පන්දුවාර නායක ඒ.බී. ඩිවිලියර්ස් නැවතත් ක්‍රිකට් පිටියට පැමිණීමට වැඩි අවස්ථාවක් පවතින ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

වැලමිටේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවන් ඔහු ශ්‍රී ලංකාව හා පැවැති ටෙස්ට් තරගාවලියට එක් නොවීය.

එසේම දෙරට අතර පැවැත්විමට නියමිත පළමු හා දෙවැනි විස්සයි20 තරග සඳහා නම් කළ සංචිතයටද ඔහුගේ නම ඇතුළත් නොවිය.

කෙසේ වෙතත් මේ වන විට ඩිවිලියර්ස් ක්‍රමයෙන් ආබාධයෙන් සුවය ලබා ඇති හෙයින් ශ්‍රී ලංකාව හා පැවැත්වෙන සිමීත පන්දුවාර තරගාවලි සඳහා එක්වීමට වැඩි ඉඩක් ඇතැයිද දකුණු අප්‍රිකනු වාර්තා සඳහන් කරයි.