FAST NEWS

24×7 Around the Globe

නායක මැතිව්ස් ගැන පුහුණුකරු ෆෝඩ් ගෙන් විශේෂ ප්‍රකාශයක්..

ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් නායකයෙක් ලෙස සුවිශේෂි සේවයක් කරන බව පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මාධ්‍ය වෙත අදහස් දකවමීන් පැවසීය.

දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරජය වීමත් සමග මැතිව්ස්ව විවේචනය කරමින් ෆේස්බුක් සමාජ ජාලය හා පැතිර යන ප්‍රකාශ පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.

කෙනෙකු විවේචනය කිරීම පහසු බවත් ඇන්ජලෝ මැතිව්ස්ට දකුණු අප්‍රිකාව හා තරග කිරිමට සිදුවූයේ තරුණ හා සුදුසුකම්වලින් අඩු කණ්ඩායමක් සමග බවත් පුහුණුකරු පෙන්වා දෙයි.

ලැබූ පරාජය කණ්ඩායමට කිසිසේත්ම සතුටුදායක තත්ත්වයක් නොමැති බවත් නායකයෙකු ලෙස කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දකුණු අප්‍රිකානු තත්ත්ව යටතේ කටයුතු කිරිමට උපරිම මග පෙන්විමක් මැතිව්ස් ලබාදුන් බවද ග්‍රැහැම් ෆෝඩ් පවසයි.

පසුගිය පරාජය කනගාටුදායක කරුණක් බවත් දකුණු අප්‍රිකාව යනු ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් සහිත රටක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.