FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධයේ ජනරැලිය ගැන මහින්දානන්දගෙන් හෙළිදරව්වක්…

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 27 වැනිදා නුගේගොඩ පැවැත්වෙන ඒකාබද්ධ විපක්‌ෂයේ “පෙරළියක ඇරඹුම” ජනරැලියට ආණ්‌ඩුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් කිහිපදෙනකුද එක්‌වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

එසේ එක්‌වන්නේ කවුරුන්ද? කීදෙනෙක්‌ද? යන්න 27 වැනිදා දැක ගැනීමට හැකිවනු ඇතැයි මාධ්‍යවේදියකු නැගූ පැණයකට පිළිතුරු දෙමින් හෙතෙම ප්‍රකාශ කලේය.

ආණ්‌ඩුවේ රට බෙදන ව්‍යවස්‌ථාව, පළාත් පාලන මැතිවරණය කල්දැමීම, රාජ්‍ය ආයතන විකිණීම, ජීවන වියදම, හොරකම සහ දේශපාලන දඩයමට එරෙහිව නුගේගොඩින් ලබන 27 වැනිදා ඇරඹෙන “පෙරළියක ඇරඹුම” මහා ජනරැලිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී අලුත්ගමගේ මහතා මෙම හෙළිදරව්ව කළේය.

මෙම මාධ්‍ය හමුවට ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්‌වැල්ල, කාංචන විඡේසේකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌, ලංකා සමසමාජ පක්‌ෂයේ නායක මහාචාර්ය තිස්‌ස විතාරණ යන මහත්වරුද එක්‌වූහ.