FAST NEWS

24×7 Around the Globe

ටෙලි නිළි අක්ෂා සුදාරි රහස් පොලිසියට.

ජනප්‍රිය නිළියක වන අක්ෂා සුදාරි ඉන්දියානු ජාතිකයෙකුගෙන් ලබාගත් මිලියන හතරකට ආසන්න මුදලක් නැවත නොගෙවීම හේතුවෙන් රහස් පොලිසියට කැඳවා ඇතැයි වාර්තා වේ.

අක්ෂා “AARA COLLECTION” නමින් පසුගියදා නුගේගොඩ ප්‍රදේශයේ රෙදි අලෙවිසැලක් ආරම්භ කොට ඇති අතර ඒ සඳහා මුදල් ලබාගෙන ඇත්තේ මෙම ඉන්දියානු ජාතිකයන්ගෙන් බව වාර්තා වේ.

 

පසුව ඉන්දියානු ජාතිකයාට මුදල් ලබා නොදීම හේතුවෙන් ඔහු ඒ සම්බන්ධව රහස් පොලිසියට පැමිණිලිකොට තිබේ. එම පැමිණිල්ල අනුව මේවනවිට රහස් පොලිසිය වෙත අක්ෂා සුදාරි කැඳවා ඇතැයි වාර්තා වේ.