වසර දහස්ගණනක් පුරා පැවති සංස්කෘතික අංගයකට තුර්කියේ ඉස්මීර් නුවර දී පැවති ඔටු ව්රෙස්ලින් උළෙලේදී ඊයේ දිනයේදී (15) යළිත් තුර්කියේ දී පණ ලැබී තිබේ.
තැනින් තැන සංචාරය කරන තුර්කි එඬේර ගෝත්‍ර අතර මෙම සංස්කෘතික අංගය උපත ලැබුවේ මීට වසර 2,400 කට ඉහතදීය.
විනාඩි 10ක් පමණ පොරබදින ඔටුවන් දෙදෙනෙකු අතර මෙම තරගය පැවැත්වෙන අතර තරගය අතරතුර පැනගිය හෝ බිම වැටුනු ඔටුවාට පරාජය අත්වේ.
තරගය තුළදී මෙම ඔටුවන් වඩාත් ප්‍රචණ්ඩකාරී වුවහොත් එම තත්ත්වය පාලනය කිරීමට හසුරුවන්නන් පිරිස් සූදානම් ව සිටියි.
මල්ලවපොර තරග මෙන්ම මෙම උත්සවයට ඔටු රූපශ්‍රී තරග ඇතුළු වෙනත් අංග ද ඇතුළත් වන අතර, මෙම උත්සවයට සහභාගී වීමට ඔටු හිමියන් 150ට වැඩි පිරිසක් හා නැරඹීමට ප්‍රේක්ෂකයින් 20,000ක් පමණ එක්වේ.
ඡායාරූප පහතින්..










