නවසීලන්තය සමග අද (16) අවසන් වු පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අතරතුර දී පන්දුවක් හිසේ වැදීමෙන් බංග්ලාදේශ ක‍්‍රිකට් නායක මුස්ෆිකර් රහීම් රෝහල්ගත කර තිබේ.
වේග පන්දු යවන ක‍්‍රීඩක ටිම් සව්ති යැවූ බවුන්සර් පන්දුවක්, පන්දුවට පහරදෙමින් සිටි මුස්ෆිකර් රහීම්ගේ හිස පිටුපස ප‍්‍රදේශයේ වැදී ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.
කෙසේ වෙතත් ආරක්ෂිත හිස් වැසුම නිසා ජීවිතයට හානියක් සිදුව නොමැති අතර ඔහුව වෙලින්ටන් නුවර රෝහලකට ඇතුළත් කර පියවර ගෙන තිබේ.
එහීදි මුස්ෆිකර් රහීම් එක්ස් කිරණ පරීක්ෂාවකට සහ ස්කෑන් පරීක්ෂාවකට ලක් කෙරි ඇත.
කෙසේ වෙතත් ඔහුගේ තත්වය බරපතල නොවන බවයි නවසීලන්ත මාධ්‍ය වාර්තාව සඳහන් කරයි.







