FAST NEWS

24×7 Around the Globe

තුර්කි ගුවන් යානයක් කඩා වැටේ..

තුර්කි ගුවන් සේවයට අයත් බෝයිං-747 දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කිර්ජිස්තානයේ මැනාස් ගුවන්තොටුපල ආසන්නයේදී අනතුරට පත් වී පුද්ගලයින් 32ක් මීය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

එම යානය හොංකොං සිට තුර්කිය දක්වා ගමන් කරමින් සිට ඇති අතර
අනතුරෙන් ගොඩනැගිලි කිහිපයකට හානි වී ඇති බව ද බලධාරීහු සඳහන් කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ මීදුම සහිත කාලගුණයක් පැවතියද අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව බලධාරීහු කියති.

එම යානය වසර 14ක් පමණ පරණ බව ද වාර්තා වෙයි.