FAST NEWS

24×7 Around the Globe

ඇමති රවිට ජනපතිගේ ප්‍රශ්ණෙට කට උත්තර නැති වුන හැටී…

 

ලොතරැයි මිල ඉහල දැමීමට එරෙහිව ලොතරැයි අලෙවිකරුවන් පවත්වන විරෝධය සම්බන්ධයෙන් මුදල් ඇමති රවි කරුණානායකගෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විමසු පැනයක් හේතුවෙන් ඔහුට කට උත්තර නැතිව ගොස් ඇති බව වාර්තා වේ.

ලොතරැයි අලෙවිකරුවන් තමන් මුණගැසෙන්නට පැමිණ ඔවුන් සාධාරණව විරෝධය ඉදිරිපත් කල බවත් එම සංගමයේ වැඩි පිරිස එජාප පාක්‍ෂිකයින් බවත් ඔවුනට සාධාරණයක් කල යුතු බවත් ජනාධිපතිවරයා මුදල් ඇමතිට පෙන්වා දී තිබේ.

මුදල් ඇමතිවරයා ගත් කටට කියා ඇත්තේ ඔවුන් එජාපයේ වී ඇත්තේ මෑතකදී බවත් ලොතරැයි මිල පහල දැමීම කල නොහැක්කක් බවත්ය.

ලොතරැයි මිල රැපියල් 30 වුණත් ලොතරැයි දිනුමක අවම තෑගි මුදල තවමත් රුපියල් 20 සීමාවේ පැවතීම විහිළුවක් බවත් අවම තෑග්ග දිනපු අයෙකුට රඅපියල් 10ක් පාඩු වන බවත් එසේ වන්නේ ඉතාහසයේ පලමු වරට බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන් විට මුදල් ඇමති කිසිත් නොකියා ඒ ගැන සොයා බලන බව පමණක් පවසා තිබේ.