FAST NEWS

24×7 Around the Globe

මං ජනාධිපතිවරණයකට තරග වදින්න නම් මේ කොන්දේසිය ඕනේ…

 

තමන්ට ඉදිරි ජනාධිපතිවරණ මැතිවණයක අපේක්‍ෂකයෙකු ලෙස තරග වැදීමට උවමනාවටත් වඩා සුදුසුකම් ඇති මුත් එසේ තරග වැදීමට අවසන් තීරණයක් ගෙන නැතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

ඕනෑම ආකාරයකට රටට සේවය කිරීමට ඉදිරියේදීත් තමන් සූදානම් යැයිද පවසන හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට නැවත ජනාධිපතිවරණවයට තරග වැදීමට ඉඩක් නැති නිසා නව මුහුණක් ගැන ජනතාවගේ බලාපොරොත්තුවක් ඇතැයිද සදහන් කලේය.

කෙසේ නමුත් තමන් ජනාධිපතිවරණයකට තරග කලහොත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පූර්ණ ආශීර්වාදය මත මිස ඉදිරිපත් නොවන බවද ඔහු පැවැසීය.