FAST NEWS

24×7 Around the Globe

ලහිරුගේ ‘රම්බරී’ ලංකාවේ ක්‍රිකට් වල අන්ත පරාජයට ගෑවුණ හැටි මෙන්න… (වීඩි‍යෝ)

 

ජනප්‍රිය ගායක ලහිරු පෙරේරා කියන රම්බරී ගීතය ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකාවේදී ලැබූ පරාජය අලලා පද පෙරළමින් නිර්මාණය වූ ගීතයක් ෆේස් බුක් සමාජ අඩවියේ ජනප්‍රිය වී තිබේ.

පහත වීඩියෝවෙන් රම්බරි තාලය අල්ලගෙන පහතින් දක්වා ඇති පද පෙළ කියල බැලීමෙන් හරිද කියලා ඔබටම දැනගත හැකිය..

අදාළ ගීතයේ පද පෙල පහතින්..

රබඩා රබඩා රබඩා රබඩා රබඩා රබඩා රබ ඩබ බබ්

ඇන්ජලො කියපන් උඹෙ නොම්බරේ
මයිලෝ බොමුද නොදා බරබරේ
පසුපෙළ කවුද ඉන්නෙ ජරමරේ
මාමා නිදිද කාමරේ
ජම්බෝලෙ වගේ බෝලෙ එවනවා
සම්බෝලෙ වගේ පිත්ත කොටනවා
මැදපොල්ලෙ බෝලෙ ඇවිත් වදිනවා
බලහංකො ඩ්‍රෙසින් රූම් පිරෙනවා
යන්න මල්ලි යන්න මල්ලි නැගිටලා
බලන් ඉන්න බෑනෙ මේවා ඉවසලා
ගෙවල් මිදුල් අතුගාන්න
අම්මට පොල් ගාල දෙන්න
යන්න මල්ලි යන්න මල්ලි නැගිටලා
යන්න නංගි යන්න නංගි ගස්සලා
ටීවී එකත් පොළේ ගහමු උස්සලා
ලෝකෙ තියෙන හොඳම කෑම
අප්‍රිකාවෙ උයන කෑම
යන්න නංගි යන්න නංගි නැගිටලා
රබඩා දැම්ම දුසිම හොඳට අඹරලා
ඩුමිනි ගැහුවා තිතට අනේ නෑ හිනා
ජෝන් සීනා කාල හොඳට පෙරේදා
ඒත් අපේ එවුන් ගෙදර එන්නෙ පචවෙලා….