FAST NEWS

24×7 Around the Globe

දකුණු ඉන්දීය සුරූපී නිළි ත්‍රීෂා මියගිහින්? – මරණ දැන්වීම මෙන්න… (ඡායාරූප)

 

දකුණු ඉන්දීය සුරූපී නිළියක් වන Trisha Krishnan මියගිය බවට පුවතක් දකුණු ඉන්දියාව පුරා ප්‍රචාරය වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ කිසියම් පිරිසක් ඇය මිය ගිය බවට ප්‍රචාරය කරමින් දැන්වීම් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය පුරා බෙදා හැර ඇති බවයි.

ඉන්දියාවේ පවත්වන කුලප්පු වූ ගවයන් මෙල්ල කිරීමේ ක්‍රීඩාවට (jallikattu) විරුද්ධව අදහස් පල කිරීම හේතුවෙන් ඇයට එරෙහිව මෙම ක්‍රියාව සිදු කරන්නට ඇති බවද වාර්තා වේ.

එම ක්‍රීඩාවට ඇල්මක් දක්වන කිසියම් සංවිධානාත්මක පිරිසක් Trisha Krishnan මියගිය බවට  ප්‍රචාරය කරමින් මෙලෙස දැන්වීම් බෙදා හැර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අදාල දැන්වීමේ මැය HIV ඒඩ්ස් රෝගය වැළදී මිය ගිය බවට දක්වා ඇති අතර මෙම දැන්වීම් දුටු ඇයගේ රසික රසිකාවියන් කලබලයට පත්ව ඇති බව සදහන්ය.

මේ සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය පරීක්ෂණ පවත්වන බව වාර්තා වන අතර සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය සිදුකරන පරීක්ෂණ සම්බන්ධව Trisha සිය ට්ව්ටර් ගිණුමේ ස්තූතිය පලකර ඇති බව සදහන් වේ.

Trisha Krishnan මිය ගිය බවට ප්‍රචාරය කරමින් බෙදා හැර තිබූ දැන්වීම පහතින්..