FAST NEWS

24×7 Around the Globe

ටයි කෝට් අදින රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් ප්‍රකාශයක්…

 

හරිත ගොඩනැඟිලි මාර්ගෝපදේශන සංග්‍රහය එළිදැක්වීම පිණිස පෙරේදා (09) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙලෙසින් පවසන ලදි.

‘මහාචාර්යතුමාගේ කතාවෙහි සඳහන් වුණා ටයිපටිය ගැන. එතුමා චක්‍රලේඛය කියා කිව්වේ නැහැ. තියෙන නීතියක් බව කිව්වා. මේ චක්‍රලේඛය නිකුත් වූ බව මම දන්නවා. ඔබ විසින් තෝරාපත් කරගත් හයවැනි ජනාධිපතිවරයා මමයි. මේ රටේ ජනාධිපතිවරයෙක්ම තමයි ඔය චක්‍රලේඛය නිකුත් කළේ.

මම ඇමැතිවරයෙක්ව සිටි කාලයේත් අදත් මම දැකපු දෙයක් වන්නේ ඉන්දියාවේ අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු, කොමසාරිස්වරු කෝට් එක දාන්නෙත් නැහැ.ටයි එක දාන්නෙත් නැහැ. අවශ්‍ය තැනදී දානවා.

මීට අවුරුදු හතකට කලින් මම මියන්මාරයේ ගිය වෙලාවේ මම දැක්කා අමාත්‍යාංශ ලේකම්වරු, කොමසාරිස්වරු, ඉහළ තනතුරු දරන අය අඳින්නේ සරම. එය ඔවුන්ගේ සංස්කෘතිය සමඟ තිබෙන කාරණයක්.

ගිය අවුරුද්දේ පොළොන්නරුවේ වාර්ෂිකව පවත්වන පිරිත් පින්කමට සහභාගි වෙන්න මම ගියේ රාත්‍රි 11ට පමණ. අපේ ප්‍රාදේශීය ලේකම්තුමා පිරිත් අහනවා රෑ 11ට විතර ටයි එකකුත් දාගෙන. මම ඇහුවා පිරිත් නිසා ටයි එක ඕනද කියා. මම හිතන්නේ පිරිත් ශ්‍රවණය කළත් එතුමාටත් චක්‍රලේඛය බලපානවා වගේ.

අපි අපේ ඇඳුම සකස් කර ගන්න ඕන රටේ පාරිසරික, දේශගුණික සංස්කෘතික තත්ත්වයන් එක්කයි. ජනාධිපතිවරයෙක් නිකුත් කළ චක්‍රලේඛයක් වෙනස් කළ හැක්කේද ජනාධිපතිවරයෙක්ට නිසා මම අද බොහෝම පැහැදිලි ප්‍රකාශයක් කරනවා සුදුසු අත්‍යවශ්‍ය වේලාවට අපේ රාජ්‍ය නිලධාරීන් ටයි කෝට් දැම්මට ප්‍රශ්නයක් නැහැ. නමුත් කාලගුණික, දේශගුණික තත්ත්වයන් තිබෙන පාරිසරික පසුබිම සැලකිල්ලට ගෙන ටයි කෝට් ඇන්දත් නැතත් එහි වැරැද්දක් නැහැ කියා මම බොහෝම පැහැදිලිව කියනවා. ඒ නිසා අපිට ගැළපෙන සුදුසු දේ අපි භාවිත කරමු.