FAST NEWS

24×7 Around the Globe

2017 ශාන්ත ජුසේ වාස් මුනිදුන්ට…

 

2017 වසර ශාන්ත ජුසේ වාස් මුනිඳුන්ගේ වසර ලෙස නම් කරන බව ශ්‍රී ලංකා කාතෝලික රදගුරු සම්මේලනය තීරණය කළ බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

“ඇදහිල්ල තිර කරන්න වාස්මුණි අනුව යන්න” යන තේමාව යටතේ මේ වසරේදී කටයුතු සිදු කෙරෙන බව කොළඹ රදගුරු නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් සදහන් කලේය.

2017 වසර ශාන්ත ජුසේ වාස් මුනිඳුන්ගේ වසර ලෙස ජනවාරි මස 14,15 සහ 16 යන දිනවල මෙරට සියලුම රදගුරු පදවිවල ආසන දෙව් මැදුරුවල සහ දේවස්ථානවල සිදු කෙරන බව ද පැවසේ.

මේ වසර පුරාවට ජුසේවාස් මුණිදුන් වෙනුවෙන් දිළිඳු පවුල් උදෙසා වියළි ආහාරත් පාසල් දරුවන් උදෙසා පාසල් පොත්පත් ප්‍රධානය කිරීම හා සෑම කතෝලික පාසල් වලට ආහාර වේලක් ලබාදීම වැනි සත්කාර වැඩ සටහන් ලංකාව පුරා දේවස්ථානවල සිදුකිරීමට ක‍තෝලික සභාව තීරණය කොට ඇති බවද මැල්කම් රංජිත් හිමිපාණන් පැවැසීය.