FAST NEWS

24×7 Around the Globe

හිටපු කොටින්ට බැංකු ණය මුදලක් – දෙන්නේ මෙහෙමයි…

 

හිටපු කොටි ක්‍රියාකාරීන්ට ස්වයං රැකියා ආරම්භ කිරීම සදහා රුපියල් මිලියන 525ක ණය මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති බව අද(11) වාර්තා විය.

සියයට හතරක පොලී අනුපාතය යටතේ රුපියල් 2,50,000ක් දක්වා ණය මුදලක් ඔවුන්ට ලබා ගත හැකි වන අතර මේ ණය මුදල වසර 10කදී ගෙවිය යුතු බව එම වාර්තාවේ සදහන් වේ.

එසේම රාජ්‍ය බැංකු තුනක් මගින් එම ණය මුදල් සැපයෙන බවද වාර්තා වේ.

මෙයට පෙර හිටපු කොටි ක්‍රියාකාරීන්ට වන්දි මුදලක් දීමට ඉදිරිපත් වූ යෝජනාව රජය ප්‍රතික්ෂේප කර ඇති බවද පැවසේ.