අද හින්දු පුවත්පත විසින් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ජයාරූපය ලෙසට යොදා ගෙන තිබුනේ පසුගිය ජනාධිපතිවරණයේදී ප්රතිවාදී මහින්ද රාජපක්ෂ පිල විසින් සිය මැතිවරණ ප්රචාරණය සදහා යොදා ගනු ලැබු “ඩුප්ලිකේටි සිරිසේන” ගේ ජයාරුපයයී.
හින්දු පුවත්පත මගින් ශ්රී ලංකාවේ දේශපාලන තත්වය පිලිබඳ දීර්ඝ විග්රහයක් කොට තිබු අතර එම ලිපියට “හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග වත්මන් ජනපති මෛත්රිපාල සිරිසේන මහතා” යනුවෙන් නම් කොට එක්කොට තිබුනේ පහත ඡායාරූපය වේ. පසුව හින්දු පුවත්පත විසින් එම ඡායාරූපය ඉවත්කොට තිබුණි.









