FAST NEWS

24×7 Around the Globe

හිරගෙයට ගිය විමල් ගැන මහින්ද කල ප්‍රකාශය මෙන්න… (වීඩියෝ)

 

රිමාන්ඩ් බාරයට පත් කැරුණු ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (10)  සවස කොළඹ මැගසින් බන්ධනාගාරයේ ‘ඊ‘ වාට්ටුවට යොමු කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග පැවැසීය.

ඊ වාට්ටුවේ රැඳවියන් 50 ක පමණ පිරිසක් රදවා සිටින බවත්, මන්ත්‍රීවරයාගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඊ වාට්ටුවේ සිර මැදිරියක වෙනම ඔහු රදවා ඇති බවද බන්ධනාගාර ආරංචිමාර්ග අනාවරණ කලේය.

බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පැවසුවේ මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල සහ නාමල් රාජපක්‍ෂ රදවා සිටියේද මෙම වාට්ටුවේ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ජනවාරි 24 වනදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරිණ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට කුළි පදනම යටතේ ලබාගත් වාහන 40 ක් දේශපාලන සහ පෞද්ගලික කටයුතුවලට යොදාගෙන රජයට රුපියල් මිලියන 91 ක මුදලක් පාඩු කළ බවට මන්ත්‍රීවරයාට චෝදනා එල්ලව තිබේ.

රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලද විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසීම සදහා ඊයේ(10)  සවස වැලිකඩ බන්ධනාගාරයට ගොස් එන අතරතුරදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් හමුවේ පැවසුයේ,  ”හිර ගෙවල් දහයක දැම්මත් විමල් විරවංශගේ කට වහන්න ආණ්ඩුවට බැරි” බවයි.

වීඩියෝව පහතින්..