FAST NEWS

24×7 Around the Globe

දුම්පානය පිළිබඳව වූ නවතම වාර්තාවෙන් හෙළිවූ දේ මෙන්න…

 

දුම්පානය ගෝලීය ආර්ථිකයට වසරකදී ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියනයක පාඩුවක් සිදුකරන අතර, වසර 2030 වන විට දුම්පානයෙන් මිය යන සංඛ්‍යාව මිලියන 8 දක්වා ඉහළ යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ඇමරිකානු ජාතික පිළිකා මධ්‍යස්ථානය සමඟ එක්ව සිදුකර ඇති මෙම අධ්‍යයනයේදී හෙලි වී ඇත්තේ දුම්කොළ බදු මගින් හිමි වන්නේ ඩොලර් බිලියන 269ක මුදලක් බවයි.

මේ නිසා දුම් පානයේ අහිතකර ප්‍රතිඵල සඳහා වැය කළ යුතු මුදල, එමෙන් කිහිප ගුණයක් වන බව එම වාර්තාවේ දැක්වේ.

දුම්පානය නිසා දැනට ලෝකවාසීන් මිලියන 6ක් පමණ වාර්ෂිකව මිය යන අතර ඉන් සියයට 80ක්ම අඩු සහ මැදි ආදායම්ලාභී රටවල වැසියන්වීම විශේෂත්වයකි.

දුම්පානය කරන ලෝකවැසියන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එය ගෝලීයව වැඩිම මරණ සංඛ්‍යාවකට හේතු වන, වැළැක්විය හැකි සාධකය බවයි.