ලිංගික උළෙල නිසා ගමකටම බධා…..

ලිංගික උළෙල නිසා ගමකටම බධා…..

බි‍්‍රතාන්‍යයේ විශාලතම ලිංගික උළෙල ලෙස හැඳින්වෙන ස්වින්ග්ෆීල්ඞ්ස්  2015 උළෙල මගින් එය පැවැත්වුණු ගම්මානයේ වැසියන්ට විශාල බාධාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

ග්ලොස්ටර්ෂයර් ප‍්‍රාන්තයේ ඞීන් වනයට යාබදව පිහිටි ෆ්ලැක්ස්ලි ගම්මානය තුළ මෙම උළෙල පැවති අතර එම ගම්මානයේ ජනගහනය 30ක් පමණ බව පැවසේ.  උත්සවයට නිදහස් ලිංගික චර්යාවේ යෙදෙන පුද්ගලයින් 500ක් පමණ සහභාගිවී ඇති අතර එය ගම්වැසියන් ප‍්‍රමාණය මෙන් 17 ගුණයක් පමණ වි ඇත.

3 යනු මායාකාරී අංකයක් බව සඳහන් බැනරයක් දකින තුරු ස්වින්ග්ෆීල්ඞ්ස් උළෙල පැවැත්වෙන්නේ සිය ගම්මානයේ බව කිසිවෙකු නොදැන සිටි බවද ගම්වැසියන් මැසිවිලි නගා තිබේ.

ඔවුන් පවසා ඇත්තේ තමන්ට විශාලතම බාධාව එල්ලවූයේ උළෙලේ ස්වභාවය විසින් නොව ඉන් නැගුණු දැරිය නොහැකි ශබ්දයෙන් බවයි.

සංගීතයේ ශබ්දය අඩු කරන ලෙස ඉල්ලා ගම්වාසීන් උළෙලේ පිවිසුම් දොරටුව වෙත ගොස් දැනුම්දී ඇති අතර පසුව පරිසර ආරක්‍ෂණ අංශවලට හා පොලිසියට දැනුම් දුන්නද කිසිවක් සිදු නොවුණු බව වාර්තා වේ.

රහසිගතව හා ආරක්‍ෂිතව ලිංගික උළෙල පැවැත්වීම උදෙසා එය පැවැත්වෙන ස්ථානය පිළිබඳව අවසන් මොහොත වන තෙක් ප‍්‍රසිද්ධ නොකළ බව සංවිධායකයින් පවසා තිබේ.

කූඩාරමක් ඩොලර් 490 සිට ඩොලර් 865 දක්වා මිලකට අලෙවි කෙරී ඇති අතර ඉණෙන් පහළ ආවරණය කරගන්නා ලෙස පමණක් සහභාගී වන්නන්ට දැනුම් දී ඇතැයි පැවසේ.