FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ජොන්ස්ටන්ට එරෙහි නඩු පහක් මාර්තු දක්වා කල් තැබේ..

වත්කම් හෙළි නොකළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කැරුණු නඩු 5 ක්  මාර්තු 21 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු නොපැමිණීම නිසා අධිකරණය  එම නියෝගය කළේය.