FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගේ බෑනාටත් තනතුරක්…

 

ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් තම බෑනා වන ජැරඩ් කෂ්නර් තම ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් පත්කර තිබේ.

දේපල වෙළදාම් ව්‍යාපාරයේ නිරත 35 හැවිරිදි ඔහු විවාහ වී සිටින්නේ ට්‍රම්ප්ගේ දියණියක වන ඉවන්කා ට්‍රම්ප් සමගය.

ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකල ඔහු එරට අභ්‍යන්තර සහ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ට්‍රම්ප්ට තම සහාය ලබා දීමට නියමිතය.

එහෙත් ඇමරිකාවේ ඥාති සංග්‍රහ නීති සහ දේශපාලන මත ගැටුම් සමග ඇතිවිය හැකි අර්බුදය හේතුවෙන් මෙය මහත් ආන්දෝලනාත්මක පත්වීමක් විය හැකි බවද වාර්තා වේ.