FAST NEWS

24×7 Around the Globe

ධනංජයට කළ වරද පිළිගනිමීන් මැතිව්ස්ගෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් වෙයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණූ අප්‍රිකාව අතර පසුයදා නිමාවට පත්වු දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ ධනංජය ද සිල්වා රබාඩා හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යෑමේදී විනිසුරු තීරණය නැවත පරීක්ෂා නොකිරීමේ වරද නායක මැතිව්ස් මාධ්‍ය හමුවේ පිළිගෙන තිබේ.

ධනංජයගේ පෙර පාදයේ පන්දුව වැදුණ විට ඔහු අනෙක් අන්තයේ සිටි මැතිව්ස්ගෙන් විනිසුරු තීරණය ගැන විමසා සිටි අතර රූපවාහිනී පුනරූපණ ඔස්සේද පන්දුව කඩුල්ලෙන් ඉවතට යන බව පසුව හොඳින් පෙන්නුම් කරනු ලැබිය.

“මම හිතුවේ ධනංජය දැවී ගියා කියා. මම දැක්කේ පහර එල්ල කිරීමට ගියේ මැද ඉන්න දෙසට යන පන්දුවකට වගෙයි. ඔහු පහරදුන් විගස ඉරියව් මාරු කරමින් මැදට පැමිණියා. මම ධනංජයගෙන් ඇහුවේ පිත්තේ පන්දුව වැදුණාද කියලා විතරයි. ඔහු නැහැ කිව්වා. ඇත්තටම එය අපේ වැරැද්දක් බව පිළිගත යුතුයි” යැයි මැතිව්ස් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.