අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් ප්‍රථම වරට හඳුන්වා දුන් ෆිෆා සම්මාන රාත්‍රියේ වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස පෘතුගාල කණ්ඩායම හා රියල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සම්මාන ලැබීය.
එසේම පසුගිය දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පැවැත්වූ බැලූන් ඩි ඕර් සම්මාන උළලේදී වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවේද රොනාල්ඩෝය.
රොනාල්ඩෝගේ ප්‍රතිවාදී ක්‍රිඩකයා වන ආජන්ටිනා ජාතික කණ්ඩායම මෙන්ම බාසිලෝනා කණ්ඩායම නියෝජනය කරන ලියොනාල් මෙසී මෙහිදී රොනාල්ඩෝ හමුවේ පරාජයට පත්විය.
මේ වසරේදී පටන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලය බැලූන් ඩි ඕර් සම්මානය වෙනුවට ඉදිරියේදී ෆිෆා පාපන්දු සම්මාන නමින් සම්මාන උළෙල පැවැත්වීමට නියමිතය.
ඊයේ (09දා) රාත්රියේදී ස්විට්සර්ලන්තයේ සූරිච්හිදී මෙම සම්මාන උළෙල පැවැත්වුන අතර මෙහිදී වසරේ හොඳම කාන්තා පාපන්දු ක්‍රීඩිකාව ලෙස ඇමෙරිකාවේ කාලි ලොයිඩ් සම්මාන ලැබීය.
ඡායාරූප පහතින්..














