ලෝක ප්‍රසිද්ධ Yahoo සමාගම සහ Verizon අතර ගණුදෙනුව අවසන් වී ඇති බවට මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඒ සමඟම Yahoo සමාගමේ නිමාවද සිදුවනු ඇති බවටයි.
කෙසේ වෙතත් Yahoo සමාගම තවදුරටත් Altaba නමින් වෙනස් නමකින් ඉදිරියට පවතිනු ඇති බවටද වාර්තා වේ.
කෙසේ වෙතත් මේ වනවිට වාර්තාවන්නේ Yahoo සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Marissa Mayer ද එම තනතුරින් ඉවත්වී ඇති බවයි.
මේ අතර ඉදිරියේදී ඇය Verizon සමඟ එකතුවීමට නියමිත බවද එම වාර්තා පෙන්වා දෙයි.
එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ අදාල සිදුවීම් සම්බන්ධයෙන් හෝ තම ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මේ වන විටත් Yahoo කිසිදු නිළ ප්‍රකාශයක් සිදු නොකිරීමද විශේෂතාවයක් බවයි.









