FAST NEWS

24×7 Around the Globe

ඕම් පූරිගෙ මරණය පසුපස මෝදි..? – පාකිස්තානය අවදියෙන්…

 

අභාවප්‍රාප්ත වූ ඉන්දීය අසහාය නළු ඕම් පූරිගෙ මරණය පසුපස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් සිටින බව පාකිස්තාන රූපවාහිනියක් සිය ප්‍රවෘත්ති ප්‍රකාශයක් තුළ පවසා තිබේ.

එම පුවත ඉන්දීය මාධ්‍ය විසින් හාස්‍ය ජනක ලෙස වාර්තා කර ඇති අතර පාකිස්තාන රූපවාහිනී නාළිකාව පවසා ඇත්තේ පාකිස්තාන කලාකරුවන් වෙත සහාය දක්වමින් ඕම් පූරි අදහස් ප්‍රකාශ කිරීම ඔහුව ඝාතනය කිරීමට ආසන්න හේතුව වී ඇති බවයි.

එසේම ආසන්න කාලසීමාවේදී ඕම් පූරි සිය නිවස වෙත කැඳවා ඇති ඉන්දීය ආරක්ෂක අංශ උපදේකශවරයා ඔහුට පරදී ඇති බවත් ඔහු කර ඇති ප්‍රකාශ සඳහා සමාව ගන්නා ලෙස පවසා ඇති බවත් පාකිස්තාන බොල් රූපවාහිනී සේවය ප්‍රකාශ කර තිබෙන බව එම ඉන්දීය මාධ්‍ය පැවැසීය.

කෙසේ වෙතත් ඕම් පූරිගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවත් එය මිනීමරුවක් බවට කිසිවෙකුත් පවසා නැති බවත් ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කලේය.‍