FAST NEWS

24×7 Around the Globe

පරණ කට්ටියක් අලුත්ම මීඩියා එකකින්…

 

මව්බිම පුවත්පත ආරම්භයේ සිටම මෙහෙයවූ කණ්ඩායම නවතම මාධ්‍ය ජාලයක් හා සම්බන්ධ වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

මෙම මාධ්‍ය ආයතනය මගින් සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන ත්‍රෛයි භාෂා වලින් දිනපතා සහ සතිඅන්ත ලෙස ජාතික පුවත්පත් 06ක්, රූපවාහිනී නාලිකා 03 ක් සහ ගුවන් විදුලි නාලිකා 3ක් ඉතා ඉක්මනින් දියත් කිරීම සදහා සියලු කටයුතු සූදානම් කරමින් පවතී.

කෙසේ වෙතත් මේ පිළිබද විවිධ අදහස් පළ වන අතර බැදුම්කර මුදල් වලින් මේවා සිදුකරන බවට චෝදනා එල්ල කරන්නන්ද සිටී.

රටක් තුළ මාධ්‍ය ආයතන වැඩි වැඩියෙන් බිහිවීම හොඳ ප්‍රවණතාවක් ලෙස හැදින්විය හැකි වූවද ලංකාව වැඩි කුඩා රටක ජීවත්වන්නේ සීමිත ජනගහනයක් බැවින් එවැනි සීමිත පිරිසකට ලංකාවේ පවතින මාධ්‍ය ආයතන ප්‍රමාණයටත් වඩා වැඩි බව බොහෝදෙනාගේ මතය වී තිබේ.

ප්‍රමාණාත්මකව බලන කළ අධික ජනහගනයක් වෙසෙන චීනයේද ලංකාවේ තරම් මාධ්‍ය ආයතන දක්නට නොලැබේ.