FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රීවරුන් 8ක් අල්ලස්‌ හෝ දූෂණ කොමිසමට යන්න සූදානම් වෙන හැටී…

 

වත්කම් හා බැරකම් ප්‍රකාශන වහාම භාර දෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 08 දෙනකුට අවසන් වරට ලිඛිතව දැනුම් දී තිබේ.

මෙම මන්ත්‍රීවරුන් අට දෙනා මෙතෙක්‌ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශන මැතිවරණ කොමිෂන් සභාවට භාරදී නොමැති අතර පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාරදුන් බවට මේ වන තෙක්‌ කොමිසමට දැනුම් දී නොමැත.

වත්කම් ප්‍රකාශන භාරදීමට කොමිසම විසින් අවසන් වරට මාසයක කාලයක්‌ එම මන්ත්‍රීවරුන්ට ලබාදුන් අතර කථානායකවරයාට භාරදී ඇත්නම් ඒ බව නොපමාව දැනුම් දෙන ලෙස ද සඳහන් කර තිබේ.

මෙම අවසන් කාල සීමාව තුළ ද එම කාර්යය ඉටු නොකරන “මන්ත්‍රීවරුන්” පිළිබඳව අල්ලස්‌ හෝ දූෂණ කොමිසමට දැනුම් දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.