FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ව බලයට ගේන්න පූටින් උදව් කරලා – හෙළි වුනේ මෙහෙමයි…

 

රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් විසින් තේරීපත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහනය වෙනුවෙන් සහාය දක්වා ඇති බව ඇමෙරිකානු බුද්ධි තොරතුරු වාර්තාවක් අනාවරණය කර තිබේ.

එහිදී, රුසියානු ජනාධිපතිවරයා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් බලපෑමක් කිරීම සඳහා අණලබාදී ඇති බව එහි දක්වා තිබේ.

මේ සම්බන්ධයෙන් මොස්කව් පාලනය මෙතෙක් කිසිවක් පවසා නොතිබුණත්, ඇමෙරිකානු මැතිවරණය සම්බන්ධයෙන් රුසියාවේ අතපෙවීම සම්බන්ධ චෝදනා ඔවුන් මුල සිටම ප්‍රතික්ෂේප කළේය.

පිටු 25කින් යුතු මෙම වාර්තාව පෙන්වා දී ඇත්තේ ක්‍රෙම්ලීනය පැහැදිලිවම ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත කැමැත්තෙන් සිට ඇති බවයි.

එහිදී, ඩිමොක්‍රටික් පක්ෂය කෙරෙහි පැවති ජනතා කැමැත්ත අවතක්සේරු කිරීම මෙන්ම, ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ පත්වීම වැළැක්වීම කෙරෙහි ක්‍රෙම්ලීනය හිතාමතා කටයුතු කර ඇති බවත් එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.