මිය ගිය සිය සුරතල් සත්ත්වයා වෙනුවෙන් මිනිසෙකුට ලබාදෙන පරිදි අවසන් බුහුමන් දැක්වූ අවස්ථාවක් පිළිබඳව ගොඩකවෙල බලවින්න ප්රදේශයෙන් වාර්තා වේ.
ගොඩකවෙල බලවින්න ප්රදේශයේ වසන්ත කුමාර දන්දෙණියගේ නිවසේ මෙම වසර දෙකක් වයසැති රිචී නම් සුනඛයා ජීවත්ව තිබේ.
සර්ප විෂ ශරීරගත වීම නිසා රිචී මරණයට පත්ව ඇති අතර මල්ශාලවකින් මිලට ගත් පෙට්ටියක බහාලූ සිරුර ඔවුන්ගේ නිවසේ තැන්පත් කර තිබුණි.
එසේම ස්වාමීන්වහන්සේ නමක් වැඩමවා ආගමික වතාවත්වල යෙදුනු අතර පසුව සිරුර මිහිදන් කරන ලද්දේ නිවස පිහිටි ඉඩමේ කොටසකය.
ඡායාරූප පහතින්..


















