වසර තිහකට පෙර තමා සිහිනෙන් දුටු නොම්මර කිහිපයක් සහිත ලොතරැයි දිගින් දිගටම ඒ තිස් වසර මුළුල්ෙලේ මිලයට ගත් කැනඩාවේ කාන්තාවකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.9ක මුදලක් දිනාගන්නට හැකිව තිබේ.
1989 මැයි මාසයේ දිනයක තමා ඉලක්කම් කිහිපයකට ලොතරැයියක් ඇදෙන ආකාරය සිහිනෙන් දුටු බවත්, ඒ ඉලක්කම් මතක තබාගෙන දිගින් දිගටම එම ඉලක්කම් වලටම ලොතරැයි මිලයට ගත් බවත් ඔල්ගා බෙනෝ නම් කාන්තාව පැවැසීය.
මේ වන විට පිළිකාවකින් පෙළෙන බැවින් එම ප්රතිකාර සඳහා තම නිවසද විකුණා දමා කුලී නිවෙස්වල ඉන්නට සිදුව ඇති ඇයට මෙම මුදල විශාල සතුටක් ගෙනදී ඇති අතර තමා දිනා ගත් මුදලින් නව නිවසක් ඉදිකරවා ගැනීම ඇගේ අරමුණ බව වාර්තා වේ.
එසේම මේ වන විට තම ඇස් පෙනීම තරමක් දුර්වලව ඇති බැවින් රූපවාහිනී තිරයේ දිස්වූ ජයග්රාහී අංක මුලදී දක්නට නොලැබුණු බවත් ඇය පවසා ඇති බව සදහන්ය.
පසුව ඇයට මෙම දිනුම අමතකව ඇති අතර උදෑසන පුවත්පත බලන විට තමා ලොතරැයිය දිනා ඇති බව දැනගෙනඇති අතර මුලදී මෙය වැරදීමක් බව කල්පනා කළ ඇය තම සොයුරියට මේ පුවත පවසත්ම ඇයද තමා බොරු කියන බවක් කල්පනා කළේ යැයි ඔල්ගා පවසන ලදි.
දෙසැම්බර් විසි අටවැනිදා දිනුම් අදිනු ලැබූ මෙම ලොතරැයියෙන් ඇය ඇතුළුව ජයග්රාහකයින් දෙදෙනෙකු බිහිවී ඇති අතර තමා රෝගීවූ අවස්ථාවේ හොඳින් රැකබලාගත් සැමියා, දරුවන් හා මුනුපුරු, මිනිපිරියන් ඩිස්නිලන්තයේ චාරිකාවකට ගෙනයාමටද ඇය බලාපොරොත්තු වන බව වාර්තා වේ.
ඡායාරූප පහතින්..













