FAST NEWS

24×7 Around the Globe

තිසර ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනකු බිග් බැෂ් තරගාවලියට..

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් පන්දුවාර 20 තරගාවලිය සදහා එක්වීමට අවස්ථාව ලැබී තිබේ.

මෙල්බර්න්, රෙනගට්ස් කණ්ඩායම නියෝජනය කරන කොදෙව් තුන්ඉරියව් ක්‍රීඩක ඩ්වේයින් බ්‍රාවෝ ආබාධයට ලක් විම නිසා තිසර පෙරේරාව මෙලෙස කණ්ඩායමට කැදවා ඇත.

එ අනුව තිසර පෙරේරා මෙවර බිග්බෑෂ් පන්දුවාර 20 තරගාවලියට එක්වන තුන්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වේ.

මේ වන විට හොබාට් කණ්ඩායම නියෝජනය කරමින් කුමාර් සංගක්කාරත් ඇඩිලේඩ් කණ්ඩායම නියෝජනය කරමින් මහේල ජයවර්ධනත් මෙම තරගාවලියට එක්ව සිටිති.