FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ වෙළඳපොළෙන් අඩු මිළට වාහන ලැබෙන්න යන හැටී…

 

කුලියාපිටිය ලබුයාය මහනුගලන්ද වත්තේ ආරම්භ වන වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බල් පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කරන මෝටර් රථ අඩු මුදලකට මෙරට වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව පැවසේ.

වසරකට වාහන 500 ක් පමණ මෙහි නිපදවීමට නියමිත අතර වසර 3 ක කාලයක් සඳහා දේශීය වශයෙන් පමණක් ඔවුන්ගේ වාහන අලෙවි කිරීමට නියමිතයි.

මගී මෝටර් රථ, ක්‍රීඩාවාහන, SUV රථ, බහු උපයෝගිතා වාහන (MUV) හෝ වාණිජ වාහන මෙහිදී එකලස් කිරීමට අපේක්ෂිතයි.

ඩීසල් වාහන එකලස් කිරීමට ආරම්භයේදී කටයුතු කරන අතර පෙට්රල්, විදුලි, හයිබ්‍රිඩ් වාහන සඳහා ඉන් අනතුරුව යොමුවීමට නියමිතයි.