එංගලන්තයේ එළිසබෙත් මහරැජිනට සිය ආරක්ෂකයෙකු වෙඩි තැබීමට ගත් ප්‍රයත්නයකින් අනූ නමයෙන් දිවි ගලවාගෙන තිබේ.
බකිංහැම් මාලිගයට අයත් උද්‍යානයක අළුයම 03.00ට පමණ සැරසරමින් සිටියදී ඇයට වෙඩි තැබීමට සූදානම් වී ඇත්තේ වැරදි අවබෝධයක් නිසා බව ආරක්ෂකබටයා පවසන ලදි.
උද්‍යානයේ ගමන් කළේ රැජින බව තමන් නොදන්නා බවත් අඳුරේ සැරිසරන පුද්ගලයෙකු දුටු නිසා ඔහු කවුදැයි උස් හඬින් විමසූ බවත් එයට ප්‍රතිචාර නොලැබූ බැවින් වෙඩි තැබීමට සූදානම් වූ බවත් පසුව ආරක්ෂකයා විසින් රැජින හමුවේ පවසා තිබේ.










