FAST NEWS

24×7 Around the Globe

දෙවැනි පරාජයේ වගකිව යුත්තා මැතිව්ස් හෙළි කරයි – ළහිරු ගැනත් කියයි..

දෙවැනි වතාවටත් පන්දු යවන්නන් ලබාදුන් සහායට පිතිකරුවන් නිසිලෙස ක්‍රියාත්මක නොවීම තුළ තරගයේ ජය පහසුවෙන්ම දකුණු අප්‍රිකානු පිලට හිමි වූ බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි ටෙස්ට් තරගය නිමාවේ දී පැවසීය.

කාසියේ වාසිය ලබා මුල් දිනයේ මුල් කාර්තුවේ දී එහි වාසිය ලැබුව ද පිතිකරුවන්ගේ පසුබෑම තුළ බලා‍පොරොත්තු පරිදි ඉනිම ගොඩනැගීමට නොහැකිවීම තුළ තරගයේ පසුබෑම ඇති වූ බවත් පිතිකරුවන්ට වැඩි වේලාවක් කඩුල්‍ලේ රැඳී සිටීමට නොහැකි වීම ටෙස්ට් තරගයක බලා‍පොරොත්තු බිඳ වැටීමට හේතුවක් බව ද මැතිව්ස් පැවසීය.

තරගයේ වීරයා කගිසො රබාඩා වෙත සියලු ගෞරවය හිමිවිය යුතු බව පැවසූ මැතිව්ස් 19 හැවිරිදි ලහිරු කුමාරගේ දක්ෂතා ගැන වඩාත් ඇගයීමෙන් කතා කළේය.

“යොවුන් පන්දු යවන්නෙක් ලෙස ඔහුගේ දක්ෂතා ඉහළ මට්ටමක තිබුණා. කොහොම වුණත් පන්දු යවන්නන් ලබා දුන් අවස්ථාව පිතිකරුවන් මගහැරියා”

මේ තුළ ලැබුණු අමිහිරි පරාජය ගැන පැවසූ මැතිව්ස් ඉක්මනින් මෙම තත්ත්වය නැතිකර ගැනීමට උත්සාහ ගත යුතු බව ද ප්‍රකාශ කළේය.