හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරිමේ සිද්ධියට මරණ දඩුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද (5) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගිලන් රියෙන් රැගෙන එනු ලැබීය.
වත්කම් හා බැරකම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් වන නඩු තුනකට අදාළව ඔහුට චෝදනා එල්ල වී අැති අතර නඩුව ජනවාරි 26 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (5) නියෝග කළාය.
එසේම සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බලා වෛද්‍ය වාර්තාවක් දෙසතියක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.
මෙහිදී දුමින්ද සිල්වාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වු නීතිඥවරයා අධිකරණයට පැවසුවේ ගිලන් රථයේ සිට අධිකරණය තුළට පැමිණිමට පවා අපහසු රෝගී තත්වයකින් දුමින්ද සිල්වා පෙළෙන බවයි.









