FAST NEWS

24×7 Around the Globe

ජයගහ්‍රණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් 377 ක් පසු පසින්…(ලකුණූ පුවරුව)

සත්කාරක දකුණූ අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රීකට් තරගයේ තෙවැනි දිනය වු ඊයේ (04) තරගය අත්හිටුවන විට ලකුණු 507 ක ජයග්‍රාහී ඉල්කකය හඹා යන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 130 ක් රැස්කරගෙන සිටියේය.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා තවත් කඩුළු 06 ක් අතැතිව ලකුණූ 377 ක් පසු පසින් සිටියි.

ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියළු දෙනා දැවී ලකුණූ 392 ක් ක් රැස් කළේය.

එ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණූ 110 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වුහ.

එ අනුව ලකුණූ 282 ක් ඉදිරියෙන් සිට සිය දෙවැනි ඉනිම ඇරඹු දකුණූ අප්‍රිකාව කඩුළු 07 කට ලකුණූ 224 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 507 ක ඉලක්කයක් ලබා දුන්නේය.

අද (05) තරගයේ සිව්වන දිනයයි.