පාසල තුළදී ළමුන් හිංසනයට ලක්වීම අද වන විට වර්ධනය වන ප්‍රවණතාවක් ලෙස දැකිය හැකි බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසන ලදි.
එවැනි හිංසනයන් තුළින් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු බිඳ වැටීම, සෞඛ්‍ය හා මානසික තත්ත්වය පිරිහීමෙන් ඔවුන්ගේ පෞරුෂත්වය බිද වැටීමත් සිදුවන බව එම අධිකාරිය සඳහන් කළේය.
සමාජයට වෛර කරන සහ කෘරත්වයෙන් අනෙක් අයට පීඩා කරන පුද්ගලයන් බවට අනාගතයේ ඔවුන් පත්විය හැකි බව ජාතික ළමාරක්ෂක අධිකාරිය සදහන් කරන ලදි.
එම අධිකාරිය සඳහන් කළේ ළමුන් සිදුකරන වැරදි සඳහා ශාරීරිකව දඞුවම් කිරීමට වඩා එය වරදක් බව ආදරයෙන් අවබෝධ කිරීම තුළින් සමාජයට වැඩදායී පුද්ගලයෙකු බිහිකර ගත හැකි බවයි.
ලොව පුරා සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව ළමුන් වැඩි වශයෙන් හිංසනයට පත් වන්නේ සිය නිවස තුළදීම බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය පෙන්වා දෙනු ලබයි.
ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට (04) යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය නතාෂා බාලේන්ද්‍ර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මෙම අදහස් පළ කළේය.









