FAST NEWS

24×7 Around the Globe

‘මෛත්‍රී එක්ක ආණ්ඩු හදන්න යන්නෑ’ – අගමැතිව පෞද්ගලිකව හමුවී පැවසූ දෙදෙනා මෙන්න…

 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ආණ්ඩුවක් සෑදීමට යන බවට පැතිර ඇති පුවත් අසත්‍ය ඒවා බව කථානායක කරූ ජයසූරිය හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා පෞද්ගලිකව හමුවී පවසා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එම කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියේ කරූ ජයසූරිය මහතා අගමැතිවරයා හමුව ඉදිරියේදී දේශපාලනයෙන් සමු ගැනීමට අදහස් කර සිටින බැවින් එවැනි කිසිවකට තමා සම්මාදම් නොවන බවකි.

ආණ්ඩුව  කරගෙන යාමට කානෙහිළිකම් වැඩි නම් ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට යමු යැයි අගමැතිවරයාට ප්‍රේමදාස මහතා යෝජනාකර ඇති බවද එම ආරංචි වලින් පැවසේ.