FAST NEWS

24×7 Around the Globe

වසර 39 ක් පැරණී ටෙස්ට් වාර්තාවක් චන්දි හා කුසල් බිඳ දමයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී  ශ්‍රී ලංකා කඩුළු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් එක්ව වාර්තාවක් පිහිටු වීමට සමත්ව ඇති බව ක්‍රීඩා වෙබ් අඩවි සඳහන් කරයි.

පෙරේදා (02) දිනයේ තරඟයේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළ කුසල් උඩ පන්දු තුනක් රැකගත් අතර, සෞඛ්‍ය තත්ත්වය යහපත් වීමෙන් පසු ඊයේ (03)  කඩුලු රැකීමට එක්වූ චන්දිමාල් උඩපන්දු හතරක් රැක ගැනීමට සමත් විය.

ඒ අනුව මෙම තරඟයේදී ඉනිමකදී කඩුලු රකින්නෙකු විසින් රැකගත් වැඩිම උඩ පන්දු සංඛ්‍යාව ලෙස පිහිටුවා තිබූ වාර්තාව සමවී ඇති අතර, එය ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර බෙදීයාම විශේෂත්වයකි.

මීන් පෙර පාකිස්ථාන කණ්ඩායමේ කඩුලු රකින්නෙකු වන මජීඞ් ඛාන් 1977 වසරේදී අදාළ වාර්තාව පිහිටුවා ඇත.