FAST NEWS

24×7 Around the Globe

සිය කණ්ඩායම් වාර්තාවක් සමගින් තරගාවලි ජය පකිස්තානය පිළට.

පකිස්තානය සහ ශ්‍රී ලංකා පිල අතර පල්ලේකැලේ අනතර්ජාතික ක්‍රීඩාංගනයේ පැවති තුන්වන හා අවසන් ටෙස්ට් තරඟය පකිස්තාන පිළ ලකුණු 382ක් ලබා ගනීමීන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට සමත් වීය.

එ අනුව පකිස්තාන පිළ ටෙස්ට් තරගාවලිය තුනට එකක් ලෙස ජයගනු ලැබීය.

එසේම පකිස්තාන පිළ සිය වසර පහකට පසු සිය කණ්ඩායම් වාර්තාවක් අලුත් කීරීමට සමත් වෙයි.

එ පාකිස්තානු කණ්ඩායමක් ටෙස්ට් තරගයක සිවුවැනි ඉනිමේදී ලබාගත් උපරිම ලකුණු සංඛ්‍යාව වන්නේ වසර 2010 ඩුබායි හිදී පැවැති තරගයකදී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව කඩුලූ 3 ක් දැවී ලබාගත් ලකුණු 343 යි.

එයද තරගය ජයගැනීමට ප‍්‍රමාණවත් නොවිණ. සිවුවැනි ඉනිමේදී ඉලක්කයක් පසුපස හඹා යමින් තරගයක් ජයගැනීම සඳහා පාකිස්තානු කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 1994 දී කරච්චි නුවරදී පැවැති තරගයේදී ඕස්ටේ‍්‍රලියානුවන්ට එරෙහිව ලකුණු 315 ක් ලබාගැනීමයි.

ලකුණු පුවරුව

low