FAST NEWS

24×7 Around the Globe

මොණරාගලින් මැතිවරණයට ඉදිරිපත් වන මාධ්‍යවේදියා කවුද?

එළඹෙන මහමැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස මාධ්‍යවේදියෙකු ඉදිරිපත් කෙරෙන බවට වාර්තා වනවා.

හිරු TV ආයතනයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු සහ නිවේදන ශිල්පියෙකු වශයෙන් කටයුතු කරන දුමිඳු බණ්ඩාර මෙසේ මැතිවරණයට ඉදිරිපත් වන බවයි වාර්තා වන්නේ.
වැල්ලවාය ආසනය වෙනුවෙන් තරඟ වැදීමට නියමිත දුමිඳු, කතරගම ප්‍රදේශයේ උපන් අයෙක්.
දුමිඳු, ඓතිහාසික කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන සොමිපාල රත්නායක මහතාගේ මුණුබුරා යි.